අනාගත ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයට පිවිසීමට වෘත්තීමය අඩිතාලමක් සපයමින් මධ්‍යම පළාත් වෙළඳ,වාණිජ සහ සංචාරක දෙපාර්තමේන්තුව සමඟ ඒකාබද්ධව මාරක මහා විද්‍යාලයේ "පාසල් සංචාරක සමාජය" පිහිටුවීම 2024.10.08 වැනි දින විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදි විදුහල්පතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව සිදු විය.
එහිදී ක්ෂේත්‍රය පිළිබඳ දැනුවත් කිරීමක් සිදු වූ අතර, සංචාරක සමාජය සඳහා නිළධාරී මණ්ඩලය පත්කර ගැනීමෙන් අනතුරුව එහි වැඩකටයුතු නිල වශයෙන් ආරම්භ විය.
මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් සංචාරක දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් විල්ගමුව කොට්ඨාශය භාර නිලධාරී සුනිල් වික්‍රමසිංහ මහතා, විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සංචාරක අංශය භාර නිලධාරීතුමා ඇතුලු විද්‍යාලයේ විදුහල්පතිතුමා, සහකාර විදුහල්පතිවරුන්, ආචාර්ය මණ්ඩලය සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් රැසක් සහභාගි විය.
ඉදිරියේදී මෙම පාසල් සංචාරක සමාජය හරහා සංචාරක ක්ෂේත්‍රය හා බැදුණු ක්‍රියාකාරකම් රැසක් සිදු කිරීමට නියමිතව ඇත.
#schooltourclub






