හෙළ දිව මැද රට මාතල දිශාව
සුපතල විල්ගමු කලාපයේ
මාරක ජනපද මා මාරක මහ
මහ විදුහල් මෑණිය සැර දේ....//
විද්‍යා ගොවිකම් ලලිත කලාවන්
නෙක සිප් සතර පුරා...//
හදනා වඩනා හෙළ දෑ කුසුමන් //
විකසිත වෙයි දැය පුබුදමිනා...
හෙළ දිව මැද රට...
මහවැලි ගංඟා කොමළිය ගලනා
බාධක බිඳ හැරදා...//
විදු ජය සපුරා පෙරටම ඇදෙනා //
විදුහල් මව් සුරැකේ සැමදා...
හෙළ දිව මැද රට...






