මාරක මහා විද්‍යාලය

Children's Day Celebration

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
මධ්‍යම පළාත් මලල ක්‍රීඩා උළෙලේ රන් පදක්කමක් අත්කර ගනිමින් අප පාසල ජයග්‍රහණයේ උච්චතම අවස්ථාවට

මධ්‍යම පළාත් මලල ක්‍රීඩා උළෙලේ රන් පදක්කමක් අත්කර ගනිමින් අප පාසල ජයග්‍රහණයේ උච්චතම අවස්ථාවට

 


2024 මධ්‍යම පළාත් මලල ක්‍රීඩා උළෙලේ 16න් පහළ බාලිකා හෙල්ල විසි කිරීමේ තරඟ ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට අප විද්‍යාලයේ A.W.කවීෂා ලක්ෂාණි සිසුවිය සමත් වූවාය.

මාතලේ බර්නාඩ් අලුවිහාර ක්‍රීඩාංගනයේ පැවති මෙම තරඟාවලියේදී කවීෂා මීටර් 28.5 ක දුරක් හෙල්ල විසි කරමින් නව තරඟ වාර්තාවක් පිහිටුවීමට ද සමත් විය. මෙම ජයග්‍රහණය සමඟ මධ්‍යම පළාත් පාසල් මලල ක්‍රීඩා ඉතිහාසයේ වාර්තා පොතට ඇයගේ නම එක් විය.

"දීර්ඝ කාලීන පුහුණුවීම් සහ කැපවීම තුළින් මෙම ජයග්‍රහණය ලබා ගැනීමට හැකි වූවා. මගේ පුහුණුකරුවන් වන සනත් සංජීව මහතා, දිල්රුක්ෂි මහත්මිය මඟපෙන්වීම මෙම ජයග්‍රහණයේ රහස යි," යනුවෙන් කවීෂා පැවසුවාය.

විද්‍යාලයීය ක්‍රීඩා අංශ ප්‍රධානී සනත් සංජීව මහතා අදහස් දක්වමින්, "අඛණ්ඩව පැවති පුහුණුවීම් වැඩසටහන් හා කවීෂාගේ කැපවීම මෙම ජයග්‍රහණයට මුලික වුණා. ඉදිරි ජාතික මට්ටමේ තරඟාවලි සඳහා ද ඇය සූදානම් කරවීමට අපි බලාපොරොත්තු වෙනවා" යැයි සඳහන් කළේය.

විදුහල්පතිනි වයි.ජි. වේදතිලක මහතා ප්‍රකාශ කළේ "මෙම ජයග්‍රහණය අපගේ පාසලේ ක්‍රීඩා ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවක් වන අතර, කවීෂා අපගේ පාසලට අභිමානයක් ගෙන ආ දක්ෂ ක්‍රීඩිකාවක්" බවයි.

මෙම ජයග්‍රහණයත් සමඟ කවීෂා ලක්ෂාණි ශිෂ්‍යාව ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජාතික මට්ටමේ තරඟාවලි සඳහා සුදුසුකම් ලබා ඇත. මේ සඳහා පාසල විසින් අවශ්‍ය සියලු පහසුකම් සහ මඟපෙන්වීම් ලබා දීමට කටයුතු කරනු ඇත.